ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග මර්ධනයට කියුබාවේ සහ එල් සැල්වදොරයේ සහය

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග මර්ධනයට කියුබාවේ සහ එල් සැල්වදොරයේ සහය

කියුබාව සහ එල් සැල්වදොර් රටවල වෛද්‍ය විශේෂඥ නියෝජිතයින් සමග වකුගඩු රෝග නිවාරණය පිළිබදව පැවති සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණ.

එහිදී කියුබාව සහ එල් සැල්වදොර් යන රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග මර්ධනයට ත්‍රෙයි පාර්ශවික සහයෝගීතාවයක් ඇති කරගැනීමට පියවර ගතයුතු බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.