පුවත්

වකුගඩු රෝග නිවාරණ සටනට නෙදර්ලන්තයේ සහය

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් අවශ්‍ය පර්යේෂණ කටයුතු සදහා සහාය දැක්වීමට නෙදර්ලන්තය ඉදිරිපත් වී සිටින අතර ඒ අනුව නෙදර්ලන්ත විශේෂ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කරන ලද පර්යේෂණයක වාර්තාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

බදුල්ල දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන

බදුල්ල දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන අද (29) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගිරාදුරුකෝට්ටේ මහවැලි ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව පැවැත්වූ වැඩමුළුවේ වාර්තාව ජනාධිපතිට

හේතු හදුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය පිළිබද අන්තර්ජාතික විශේෂඥ උපදෙස් වීමසීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව පැවැත්වූ වැඩමුළුවේ වාර්තාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග මර්ධනයට කියුබාවේ සහ එල් සැල්වදොරයේ සහය

කියුබාව සහ එල් සැල්වදොර් රටවල වෛද්‍ය විශේෂඥ නියෝජිතයින් සමග වකුගඩු රෝග නිවාරණය පිළිබදව පැවති සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණ.